Saturday, March 4, 2017

සිතූ අටවන දිගහැරුම

සිතූ
අටවන කොටස

උදෑසනම අවදි වූ සිතුම් මධූට ඇමතුමක් ලබා ගත්තද මධූගේ දුරකථනය ක්‍රියා විරහිතව තිබුනා. සිතුම්ට උදෑසන  6.00 වන විට ක්‍රියාන්විතයට සම්බන්ද වීමට නියමිතව  තිබුනා . වේලාව උදෑසන 4.53 ලෙස දුරකථන මුහුණතෙහි සදහන්ව තිබුනා.සිතුම් නැවතත් මධූව ඇමතීමට උත්සහා කළද දිගින් දිගටම දුරකථනය ක්‍රියා විරහිතව තිබුනෙ.මධූට කෙටි පණිවිඩයක්  යැවූ සිතුම් මෙහෙයුම්  සදහා පිටත් වීමට සූදානම් වුනා.

                                     මධූ අවදි වන විට උදෑසන  06.00 ට ආසන්නවී තිබුනි.දුරකථනය චාජරයට ගසා එය ක්‍රියාත්මක කර ගත්තා.ඒ සමගම එක දිගටම කෙටි පණිවිඩ කිහිපයක්ම ලැබුනා.කෝල් ඇල්ට් සහ සිතුම් එවන ලද කෙටි පණිවිඩය දුටු මධූ බොහෝ කලබල වුණා.

Good morring  මැණික  .ඔයාගෙ ෆෝන් එක දිගටම ඕෆ්නෙ.මම මෙහෙයුම් වලට යන්න සූදානම් වෙනවා.කෑම්ප් එකට ආපු ගමන්ම ඔයාට ගන්නම්. I Love You  බබා. බුදුසරණයි .පරිස්සමින් ඉන්න.

ඉක්මණින්ම මධූ සිතුම්ට ඇමතුමක් ලබා ගත්තා . ඇමතුමක් බලාපොරොත්තුව සිටි සිතුම් ඉක්මනට ඇමතුම සම්බන්ද කර ගත්තා.

අයියේ ..

කියන්න  මැණික

අයියේ ඔයා ආයෙ කවදද කතා කරන්නෙ

කෑම්ප් එකට ආපු ගමන් ගන්නම්

හ්ම්.මගෙ අයියා පරිස්සමින් ඉන්න .

සිතුම් ඉක්මනට වරෙන් බන්.

ඒ සමගම සිතුම්ගේ දුරකථනය ක්‍රියා විරහිත වූයේ මධූට තව වචනයක් වත් කීමට අවස්ථාවක් නොදෙමිනි.

[ වව්නියා මෙහෙයුම් වලදී සිතුම්ට අනතුරක් සිදු වේද හමු වෙමු නව වන කොටසින් ]

සිතූ හත්වන දිගහැරුම

සිතූ
හත්වන දිගහැරුම

            සිතෙහි පැවති දැඩි වේදනාව නිසාම මධූ අද දේශනවලට සහභාගී වුනේ නෑ.මධූගේ මේ වෙනස් වීම කාවින්දගේ සිතට කනස්සල්ලක් එක් කළා.ඒ නිසාම කාවින්ද මධූට ඇමතුමක් ලබා ගත්තා.ඒ වන විට මධූ සිටියේද සිතුම්ගෙන් ඇමතුමක් බලාපොරොත්තවෙනි.දෙවරක් නොසිතූ මධූ ඇමතුම සම්බන්ද කර ගත්තා.

සිතුම් අයියේ...

මධූ මම කාවින්ද බං.උඹට මොකද්ද හැදීගෙන එන පිස්සුව.

අනේ sorry  කාව්න්ද අයියේ

Exam අත ළග උඹ ලෙක්චර්ස් කට් කර කර මොනාද මෝඩියෙ කර ගන්න හදන්නෙ.

අනේ නෑ කාවින්ද අයියේ ඇගට ටිකක් හරි නෑ වගේ

ඇගට නෙමේ මධූ මට පේන්නෙ උඹේ හිතට හරි නෑ වගේ

මොකද කාවින්ද අයියේ මේ ඔයාට වෙලා තියෙන්නෙ

මට නම් මොනාත් වෙලා නෑ මධූ.මට පේන්නෙ ඔයාට නම් ලොකු දෙයක් වෙලා තියනව වගේ.

කැම්පස් එකට පැමිණි දා සිටම එකට සිටි කාවින්ද  සමග සිතුම් පිළිඹදව පැවසීමට මධූ කල්පනා කලා

සිතුම් අයියේ..

මොන සිතුම්ද මධූ.මම කාවින්ද

කාවින්ද අයියේ මට ඔයාව මීට් වෙන්න ඕනි.මට ඔයාට් කියන්න දෙයක් තියනවා.

හරි මධූ හෙට ලෙක්චර්ස් තියෙන්නෙ 2 ටනෙ.අපි උදේ මීට් වෙමු.

   වව්නියා කදවුරට පැමිනි සිතුම් මධූට ඇමතුමක් ලබා ගැනීමට කිහිප වරක් උත්සහා කළද එය අසාර්ථක වුණේ මධූගේ දුරකථනය කාර්ය බහුල වූ නිසයි.සිතුම්ට ප්‍රථම වතාවට මධූට ආදරය කිරීමට ගත් තීරණය පිළිඹදව බියක් දැනුනා .මධූට කෙටි පණිවිඩයක් යැවූ සිතුම් දුරකථනය සාක්කුවේ ඔබාගෙන ගයාන් වෙත ගියේ හිතේ නොසන්සුන් භාවයෙන්මයි.

ආ මේ එන්නෙ සත්‍ය ප්‍රේම බෘංග රාජ්.මොකෝ මල් කඩලා ඉවරද

කොල්ලන්ගේ මෙවැනි විහිළු උපේක්ෂාවෙන් දරා ගත් සිතුම්ට අද නම් මහත් වේදනාවක් දැනුනා.සිතුම්ගේ වෙනස හදුනා ගැනීමට ගයාන්ට වැඩි වේලාවක් ගියේ නෑ.වාඩිවී සිටි තැනින් ඉවත් වූ ගයාන් සිතුම්ට කතා කළා.

සිතුම් පොඩ්ඩක් මෙහාට වරෙන්

ඔව් කියපන් ගයාන්

මොකද උනේ කෙල්ල හිත රිදෙන්න මොනා හරි කීවද ?

නෑ මචන් මධූගෙ ෆෝන් එක දිගටම බිසී.

මචන් කිසිම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා.අහම්බෙන් මීට් වුණු කෙල්ලෙකනෙ අපි බලමු.

පසු දා උදෑසන කාවින්ද හමුවීමට පොරොන්දු වූ මධූ ඇමතුම විසන්දි කළා.එවිට සිතුම් එවූ කෙටි පණිවිඩය දුටු මධූගේ නෙතග කදුලක් මෝදු වුනා.

සුද්ධි  ,  මම ඔයාට කෝල් ගත්තා.ඒත් ඔයාගෙ නම්බර් බිසී.මම කෑම්ප් එකට ආවා.පරිස්සමින් ඉන්න.බුදුසරණයි . I  Love You  baba.
කෙටි පණිවිඩය කියවූ මධූ එවෙලේම සිතුම්ට ඇමතුම්ක් ලබා ගත්තා.

ගයාන් අත තිබූ සිතුම්ගේ දුරකථනය නාද වෙන්න පටන් ගත්ත. " මගේ පණ " ලෙස දුරකථන තිරයෙහි දිස් වුණා.ඒ දුටු ගයාන්ගේ සිතෙහි සිතුම් පිළිඹදව මහත් දුකක් ඇති වුණා.විනෝදයට කෙල්ලෝ ආශ්‍රය කරන කොල්ලෝ  අතර තම මිතුරා පිළිඹදව ගයාන් ආඩම්බර වුනා.

ඇමතුම් දෙක තුනක්ම ලබා ගත්තත් සිතුම් ඇමතුම සම්බන්ද කර නොගැනීම නිසා මධූගේ නෙත කදුලින් තෙමුනා.නැවත වතාවක් මධූ සිතුම්ට ඇමතුමක් ලබා ගතා.හතර වන වතාවටත් දුරකථනය නාද වූ හෙයින් ගයාන් ඇමතුම සම්බන්ද කර ගත්තා.

හෙලෝ සිතුම් අයියේ...

මධූගේ එක වචනයෙන්ම මධූ හඩන බව ගයාන්ට තේරුනා.

නංගි.සිතුම් sir ළග ඉන්නෙ ආපු ගමන් කතා කරන්න කියන්නම්.

Ok අයියේ.ගොඩක් ස්තූතියි .බුදුසරණයි .

බුදුසරණයි නංගී.

ගයාන්ගේ සිතෙහිද මධූ පිළිඹදව ඇති වූයේ පැහැදීමකි.

  ප්‍රධානියා හමුවීමට ගොස් සිටි සිතුම් නැවත් එන විට වෙලාව රාත්‍රි  08.30  පමණ විය.

සිතුමා මාර බඩගිනියි.බන්.මෙහෙන්මම ඩිනර් එකත් අරගෙනම පොඩි රෙස්ට් එකක් දාමු.මොනාද sir කියන්නෙ

හෙට ඉදන්ම මෙහෙයුම් වලට ලෑස්තිවෙන්න කීවෙ.

හ්ම්.අනේ මන්දා බන් මේ කාලකන්නි යුද්ධෙ කවදා ඉවර වෙයිද කියලා

ඒක තමයි.අපේ එවුන් කී දෙනෙකගෙ ජීවිත නැති උණාද

ආ ඒක නෙවේ සිතුමා උඹේ පණ කතා කළා.එක දිගටම  කෝල් ගත්ත නිසා බැරිම තැන මම ආන්සර් කළා.

රාත්‍රි ආහාරය රැගෙන පැමිණි සිතුම් මධූට ඇමතුමක් ලබා ගත්තා

   සුදු මැනික

  කියන්න මගෙ අයියේ.

මොකද කරන්නෙ කෑම කෑවද

තාම නෑ අයියේ අයියා එක්ක කතා කරලම කන්න හිටියා.

  එවර නම් සිතුම්ගේ පපුව හිර විය.

මගෙ මැණික ඒ තරම්ම මට ආදරෙයිද

ඔව් අයියේ.මම මගෙ අයියට ගොඩක් ගොඩක් ගොඩා................ක් ආදරෙයි .

මධූ ගිරවියක මෙන් කියවාගෙන ගියා.

පාඩම් කරන්නෙ නැද්ද මධූ.දැන් exam ළගයි නේද

හ්ම්.අනේ මන්දා මට පාඩම් කරන්න හිතෙන්නෙ නෑ

ඒ පිස්සි විකාර කරන් නැතුව හොදට පාඩම් කරල විභාගෙ ලියන්න

හරි හරි මැට්ටෝ මම පාඩම් කරන්නම්.

එවර මධූ කීවේ  ලතාවකටය.

එහෙනම් නංගි බුදුසරණයි .I.Love  You  ummmaa..

I Love you බුදුසරණයි අයියේ

දුරකථනය පසෙකට දැමූ මධූ ඇදට ආවේ දහසක් සොදුරු සිහිනයන් හිතැතිවයි.සිතුවිලි සයුරක අතරමංව සිටි මධූ සිත වෙලාගත් ආදරණීය සිතුවිලි මෙලෙස සටහන් කලා.

අහම්බෙන්ම හමුවුණත් ඔය නෙතු
සසර පැතුමක් ලෙස...
සිතන්නටත් මත්තෙන් මගෙ සිතත්
ඔබ අරගෙන...
ආදර පුදසුනේ දොරගුළු එකිනෙක
විවරව...
මගෙ සිත නැවතුනා ඔබෙ සිත්
අසපුව ළග...

           -   මධූ  -

නැවත වරක් ලියූ වදන් පෙළ දෙස බලා සිටි මධූ එය කෙටිපණිවිඩයක් ලෙස සිතුම්ට send කළා.

[ මධූ සහ කාවින්දගේ හමු වීම මධූගේ සහ සිතුම්ගේ ප්‍ර්‍රේමයට බාධාවක් වෙයිද ]

සිතූ හයවන දිග හැරුම

සිතූ
හය වන දිගහැරුම

  උදෑසනම අවදි වූ සිතුම් දුරකථනය ගෙන වෙලාව බැලුවා.උදෑසන 4.40 ලෙස එහි සටහන් වී තිබුනා .රාත්‍රියේ බොහෝ  වේලාවක් දොඩමළුව වුන් මධූ අවදි කර වීමට සිතූට දුක හිතුනා.දුරකථනය පසෙකට දැමු සිතුම් අද සිට එලඹෙන වව්නුයාවේ දිවිය පිළිඹදව සිතමින්ම නාන කාමරයට ඇතුළු වුණා.පියා පමණක්ම ජීවිතය කරගෙන සිටි සිතුම්ට කිසිම දිනක ගැහැණු ළමයෙකු පිළිඹදව සිතක් පහළ නොවූයේ මව වෙනත් විවාහයක් කරගෙන පියාගෙන් වෙන් වූ දා සිට තමාව හදා වඩා ගැනීමට ඔහු විදි අනුපමේය දුක් කම්කොටොළු දුටුව නිසා.මව වෙනත් විවාහයක් කර ගන්නාවිට සිතුමගේ වයස අවුරුදු 5 ක් පමණ වුනා.මවකගේ උණුසුම අවශ්‍ම කාලයේ වෙනත් විවාහයක් කර ගත් මව පිළිඹදව සිතුම් සිටියේ වෛරයකිනද කලකිරීමකින්ද පැහැදිලි  නැතත් සිතුම්ගේ ජීවිතයම වුනේ පියා වූ සූරිය බණ්ඩායි. මධූගේ අහඹු හමු වීමත් සමග සිතුම්ගේ හදවතේ ආදරයේ දොරගුළු විවර වුණා.උදෑසනම නා ගත් සිතුම් මහත් ප්‍රබෝධයකින් කාමරයට  පැමිණියා .දුරකථනය අතට ගත්තා.වේලාව 5 . 40  ලෙස සටහන්ව තිබුණා.දුරකථනය ඇද මතට දැමූ සිතුම් වව්නියා යාමට සූදානම්ව සපත්තු දමා ගැනීමට සැරසෙත්ම ලැබුණු කෙටි පණිවිඩයක හඩින් සපත්තව පසෙක ලා  දුරකථනය අතට ගත්තා.කෙටි පණිවිඩය ලැබී තිබුනේ මධූගෙනි.

Good morring  මගෙ අයියේ..

Good morring  බබා

දැන්ද නැගිට්ටේ අයියේ..

නෑ බබා මම නැගිටලා ගොඩක් වෙලා.දැන් වව්නියා යන්න ලෑස්ති වෙන ගමන්

අනේ.. ඇයි මාව නැගිට්‍ටුවෙ නැත්තෙ

මට දුක හිතුනා බබාව උදෙන්ම අවදි කරවන්න.

කෙටි පණිවිඩ දමමින් සිටි සිතූට කාලය ගත වෙනවා තේරුනේ නෑ.සිතුම්ට ඒ පිළිඹදව මතක් වූයේ ගයාන්ගේ හඩිනි.

සිතුමා..උඹ තාම ලෑස්ති නැද්ද පරක්කු වෙනවා යකෝ.ඉක්මනට වරෙන්.පස්සෙ මල් කඩපං.

මධූ මම ලෑස්ති වෙලා යන ගමන් ඔයාට කතා කරන්නම්. I Love you baba.

හ්ම්.පරිස්සමින් අයියේ...

ඉක්මනින්ම සූදානම් වූ සිතුම් ගයාන් සමග වෑන් රථයට ගොඩ විය.වව්නියා ගමනට හොදම යාළුවා  වූ  ගයාන්ගේ සහභාගී වීම සිතුම්ගේ සිතට මහත් අස්වැසිල්ලක් වුණා.උදෑසන 6.30 පමණ වන විට සිතුම් රැගත් වෑන් රථය  කොළඹින් පිටත් වුනා. රථය කැලණිය විශ්වවිද්‍යාලය පසු කරත්ම  සිතුම්ගේ සිතට මහත් කනස්සල්ලක් දැනුනා.මේ යන ගමනෙන් නැවත ආපසු එන්න ලැබේවිද ? නොලැබේවිද දන්නේ දෙවියෝ පමණයි .සාක්කුවට අත දමා දුරකථනය ගත් සිතුම් මධූට ඇමතුමක් ලබා ගත්තා.

        නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
        සුපුරුදු  ලෙස දැනුනා....
       
කෙල්ල මේ හදිස්සියේ දුරකථනයට ගීතයක් එක් කලේ සිතුම් නිසාවෙනි.දුරකථනය නාදවනු දුටුවද මධූ  ඇමතුම සම්බන්ද කර නොගත්තේ සිතුම්ට ගීතය ඇසීමට සැලැස්වීමටයි.නැවතත් සිතුම් මධූට ඇමතුමක් ලබා ගත්තා.

හෙලෝ බබා මොකද කරන්නෙ

මොනාත් නෑ අයියෙ.මගෙ අයියා දැන් කොහෙද ඉන්නෙ

දැන් බබාලගෙ කැම්පස් එක පහු කළේ.

හ්ම්.මගෙ අයියා පරිස්සමින් ගිහින් ඉක්මනට මාව බලන්න එනවා නේද ?

ඔව්.මම නිවාඩුවක් ලැබුණු ගමන්ම මගෙ මැණිකව බලන්න එනවා.එතකන් මගෙ කෙල්ල පරිස්සමින් ඉන්න ඕනි.

   සිතුම්ගේ හැගීම්බර වදන් මධූගේ නෙතගට කදුලක් එක්කළා.

අයියේ...

මධූගේ කට හඩේ වෙනස වටහා ගන්න සිතුම්ට වැඩි වේලාවක් ගත වුනේ නෑ.

මගෙ මැනික ඔයා අඩනවා නෙද ? 

එයට පිළිතුරක් දීමට නොහැකි විය.මධූගේ කට හඩ බිදී එය ඉකිබිදුමකට පෙරළුණි .

අනේ දැන් හොද ළමය වගේ අඩන් නැතුව ඉන්නකෝ.මම ඉක්මනට මගෙ මැනිකව  බලන්න එනවා.

හ්ම්.පරිස්සමින් ගිහින් එන්න මගෙ අයියේ බුදුසරණයි .

බුදුසරණයි මගෙ නංගිටත්

   දුරකථනය විසන්දි වූයේ  සිතුම්ගේ නෙතගටද කදුලක් එක්කරමිනි.

සිතුමා දැන් හිත හදාගෙන යමු.නිවාඩුවක්  ලැබුනු ගමන්ම කෙල්ලව බලන්න වරෙන්.

අනේ මන්දා ගයානයා මට කවදාවත්ම මේ වගේ හැගීමක් ඇවිත් නෑ.

සිතුම් රැගත් වෑන් රිය පස්වරු  03.00 පමණ වන විට වව්නියාව යුධ හමුදා මූලස්ථානයට ළගා වුණා .

[ උතුරේ සටන් බිමේදී සිතූට කුමක් සිදුවේවිද හමුවෙමු මී ළග කොටසින්

සිතූ පස්වන දිග හැරුම

සිතූ
පස්වන දිගහැරුම

    හෙලෝ..හෙලෝ. සිතුම් අයියේ...

මධූගේ සිතට දැනුනේ මුළු ලෝකයම කඩා වැටුනාක් වැනි වේදනාවකි.

    දුරකථනය චාජරයට ගැසූ සිතුම් කල්පනාවකට වැටුනි.මධූගේ නිල්වන් දිගටි ඇස් අහිංසක සිනහව සිතූගේ සිත පත්ලටම කිදා බැස තිබුණි.

  සිතූට ඇමතුමක් ගැනීමට නොහැකි වූ මධූ සිතුම්ට කෙටි පණිවිඩයක් යැවීය.

               වේලාව රාත්‍රි 10.00 පසු වී තිබුණද සිතුම් සත්සර රණවිරුවාගේ නෙත් අහලකටවත් නින්ද නොපැමිණියේය.දුරකථනය ගෙන එය ක්‍රියාත්මක කරේ මධූට ඇමතුමක් ගැනීමේ අදහසිනි.දුරකථනය ක්‍රියාත්මක කරනවාත් සමගම එයට කෙටි පණිවිඩයක් ලැබුණි
 
  අහම්බෙන්ම දුටු ඔබෙ රුව ළග
   මසිත නැවතුනා...
  ගෙවෙනා හැම තත්පරයෙම මට
   ඔබව සිහි වුණා...
දෙසවන වැකි එක වදනින් සිතම
  ගොළු වුණා..
  දුටු විගසම මේ පණිවිඩෙ මා
  අමතනවදෝ  ඔයා...

                 -  මධූ  -

  කෙටි පණිවිඩය දුටු සිතුම්ගේ මුවගට සිනහවක් එක් විය.මෙතෙක් වික්ෂිප්තව සිටි සිතුම්ට ලැබූ කෙටි පණිවිඩය මහත් සතුටක් විය.බොහෝ රෑ වී ඇති නිසා සිතුම් මධූට ඇමතුමක් නොගෙන කෙටි පණිවිඩයක් යැව්වා.

           සයනයේ ඒ මේ අත පෙරළෙමින් සිටි මධූට නින්දක් ළගා වුයේ නැත.දුරකථනය දෙස නෙත් යොමාගෙම මධු බර කල්පනාවක නිමග්නව සිටියෙ.ඒ මොහොතේම ඇයට කෙටි පණිවිඩයක් ලැබුණි.කෙටි පණිවිඩය විවෘත කිරීමටත් ප්‍රථමයෙන්ම  සිතූගේ අංකය දුටු මධූ මොහොතක් දුරකථනය පපුවේ තබා ගත්තා.අනතුරුව හොද හුස්මක් ගෙන එය පිට කර කෙටි පණිවිඩය මෙසේ සදහන් විය.

   දුටු දිනයෙම මසිත සොරාගත් කවි කාරියේ..
   මතක්  වුණා මට ඔයාව නිතර දෙවේලේ...
   අමතන්නට අංකය මට නෑනේ නංගියේ...
  ඔබ මා අමතනා තුරු සිහින දුටුව නංගියේ...

                          -  සිතූ -

මධූට නෙත් අදහා ගැනීමට පවා නොහැකි විය.අහම්බෙන් එක්වරක් දුටුවද මධූට සිතුම් ඇයගේ මුළු ලෝකයම වී තිබුණි.සිතුමගේ සිතෙහිද මධූ පිළිඹදව ආදරයක් ඇති වෙමින් තිබුණි.

          මධූ කෙටි පණිවිඩයක් නොයවාම ඇමතුමක් ලබා ගත්තාය.ඇමතුමක් බලාපොරොත්තුව සිටියාක් මෙන් ඉක්මණින්ම සිතූ ඇමතුම සම්බන්ද කර ගත්තා.
  හෙ..ලෝ...

හෙලෝ.කොහොමද කවිකාරී  ආ...

අයියේ මම හොදින්.ඔයා හොදින්ද

හොදක් කොහෙන්ද නංගියේ.එක දිගටම උතුරට කොටිත්‍රස්තයින් ඇටෑක් කරනවා.අපේ කොල්ලෝ එකා පිට එකා වැටෙමින් මෙහෙයුම් වල නිරත වෙලා .

අපිට කවද හරි සැනසීමක් දැනෙන්නෙ මුන්ව සහමුලින්ම ඉවරයක් කරලා දාපු දාට.

නංගි ඔයා මේ දවසවල මොනාද කරන්නෙ

මේ දවස්වල exam ළග නිසා පාඩම් කරනවා.

හ්ම්.නංගිගෙ ගෙවල් කොහෙද
මම හගුරන්කෙත

එතකොට අයියා

මම කුරුණෑගල

එහෙනම් අයියා එදා කොහෙ ඉදන්ද ආවේ

මගෙ යාළුවෙක් ඉන්නවා නුවර මම එහෙ ඉදලා ආවෙ

ඉතිං නංගී මටනම් ආයේ ඔයාව දකින්න ආසයි.

මමත් ඔයාව  දකින්න ආසයි අයියේ

අයියා කොහෙද දැන් ඉන්නෙ

මම දැන් ඉන්නෙ නම කොළඹ යුධ හමුදා කදවුරේ

එතකොට ආයේ කවදද අයියා නිවාඩු යන්නේ.

තමා උදෑසනම වව්නියාව බලා පිටත් විය යුතු බව සිතුම්ට මතක් වූයේ එවිටයි.සිතුම් සිත මහත් දුකකින් පිරී ගියා.

හෙලෝ ... හෙලෝ...

කියන්න නංගී.

ඇයි අයිය එක පාරටම නිහඩ වුණේ.

නෑ.නංගි මම පාන්දරම වව්නියා යන්න ඕනි.හදිසි මෙහෙයුම් වලට.ආයේ කවදා නිවාඩුවක් ලැබෙයිද කියලා දන්නෙ නෑ සමහර විට

එසේ කියූ සිතූ මදක් නිහඩ විය.

ඇයි ඒත් අයියේ ...

සමහර විට මේ යන ගමනෙන් අපි නැවත නොඑන්නමත් පුළුවන්.

අනේ ...නෑ මගෙ අයියාට මොනාත් වෙන්නෙ නෑ.එහෙම කියන්න එපා.

     මගෙ අයියා ඒ ඇමතීම සිතුම්ගේ හද් පත්ලටම කිදා බැස්සා

අයියේ..අනේ ඇයි අයියේ කතා නැත්තෙ

   සිතූගේ සිත මේ වන විටත් මධූ කෙරෙහි තදින්ම බැදී තිබුනෙ

නෑ නංගි මම නිවාඩු එනකන් මෙර් වෙනකන්  මගෙ තාත්තා ඇරෙන්න වෙන කෙනෙක් බලන් ඉදලා නෑ.

ඇයි අයියගෙ අම්මා

සිතුම්ගෙ අම්මා වෙන කසාදයක් කරගෙන ගියේ සිතුම් පොඩි වයසේදිමයි.එදා මෙදා තුර සිතුම්  සිතුම් වෙනුවෙන්ම පේවී සිටියේ සිතුම්ගේ තාතතා.

අයියේ... මොකද කතා නැත්තෙ

නෑ නංගි මගෙ අම්මා නෑ.මම ඒ කතාව නංගිට පස්සෙ කියන්නම්

සමාවෙන්න අයියේ..හිත රිදුනනම්.

නෑ නංගි කමක් නෑ.හ්ම් මගෙ චූටි කෙල්ල කියන්න බලන්න මම ආයෙ එනකන් බලන් ඉන්නවද

ඔව් අයියේ මට අයියව දකින්න ඕනි

මම ඉක්මනින්ම ඔයාව බලන්න එනවා නංගි.දැන් ගොඩක් රෑ වෙලානෙ දැන් අපි නිදා ගමු.

හ්ම්.Good  night  නංගී

Good night  අයියේ.බුදුසරණයි

බුදුසරණයි මගෙ චූටි කෙල්ලටත්

තවත් මොහොතක් දුරකථනය දෙස බලා සිටි සිතුම් දුරකථනය විසන්දි කළේ දහසකුත් සිහින සිතේ පිරෙද්දී

                 සැනසුම් සුසුමක් හෙළූ මධූ දුරකථනය ඇද මතට විසි කර ඔරලෝසුව දෙස බැලීය.

පාන්දර 2 පසුවී මිනිතු පහක් ලෙස එහි සටහන්ව තිබුණි .මධූ දෑස් පියා ගත්තේ සැනසුම් සුසුමක්ද හෙලමිනී.කොළඹ යුධ හමුදා කදවුරේ සිටින සිතුම්ටත් බෝඩිමේ සිටින මධූටත් බොහෝ වේලාවක් යනතුරු නින්ද ළගා වූයේ නෑ.

[  සිතූ සහ මධූගේ මේ සංසාර ගත හමු වීම කෙසේ නිමා වෙයිද ] හමු වෙමු සිතූ හය වන කොටසින්

සිතූ තෙවන දිගහැරුම

සිතූ
තෙවන කොටස

මධූ මොකද බන් උඹට උනේ උඹ අදුරන කෙනෙක්ද ඒ
න් නෑ නෑ කාවින්ද අයියේ
හ්ම්. මධූ මොනවද කන්නෙ
අයිය කැමති දෙයක් ගන්න.මට කිරි පැකට් එකක් විතරක් ඇති.
ඉක්නනින්ම උදේ ආහාරය ගත් මධූ කාවින්දත් සමග විශ්වවිද්‍යාලය වෙත ගියද දේශනවලට සහභාගී වීමේ ආශාව හෝ මානසිකත්වයක් මධුට නොවීය.
කාවින්ද අයියේ,මගෙ හිස කකියනවා
මට අද දේශනවලට ඉන්නත් අමාරුයි වගේ
මධූ මොකද මේ එක පාරටම උණේ.
ඔයාට මොනා හරි ප්‍රශ්නයක්ද
නෑ කාවින්ද අයියේ....ඊයේ රෑ නින්දගියෙ නෑ.ඒ නිසා වෙන්න ඇති.
හ්ම් එහෙනෙම් මධූ ඔයා බෝඩිමට ගිහින් ටිකක් නිදා ගන්න.
මම නෝට් ටික දෙන්නම්.
අනේ ගොඩක් ස්තුතියි අයියේ..
 
        ඒ අවසරයෙන් කාවින්දගෙන් මිදුනු මධූ සිතූ ගැන සිතමින්ම බෝඩිමට ආවා.හැද සිටි ඇදුම පිටින්ම ඇදට වැටුණු මධූ මොහොතක් දෑස් පියා ගත්තා.උදෑසන දුටු දසුන රූප රාමු ලෙස මධූ ඉදිරියේ දිග හැරෙන්න ගත්තා.

      හදිසියේ යමක් මතක් වූ කලෙක මෙන් නැගී සිටු මධූ අත් බෑගය තුළ තිබූ සිතූගේ දුර කථන අංකය ගෙන දෙවරක් නොසිතාම ඇමතුමක් ලබා ගත්තා.

  නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න
  ආදරයේ සොයුරුම තැන් කතා කරන්න
  බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න
  තව පොඩ්ඩක් කල් තියනව එතකන් ඉන්න

සිතූගේ දුරකථනයේ දමා ඇති ගීතය රස විදිමින්ම මධූ නැවතත් දෑස් පියා ගත්තාය.නමුත් දුරකථනය නාද වුවද කිසිවෙකු එය සම්බන්ද කරගත්තේ නැත.

         කොළඹ යුධහමුදා කදවුරට පැමිණි සිතුම් විවේකයෙන් සිටියේ එදිනට නියමිත රාජකාරියක් නොවූ නිසාය.කලකින් හමු වූ මිතුරන් සමග සතුටු සාමීචියේ යෙදී සිටි සිතූ නැවත සිය කාමරයට ගියේ දිවා ආහාරයද ගැනීමෙන් පසුවයි.ඇද මත දමා තිබූ දුරකථනය අතට ගත් සිතූ නොදන්නා අංකයකින් පැමිණ තිබූ මිස්කෝල් එක දුටුවද ඔහු ඒ පිළිඹදව එතරම් උනන්දුවක් නොදැක්විය .

      හිස රදය නිසාම මධූට මොහොතක් නින්දගොස් තිබුණි.අවදි වූ මධූ අළසකමින්ම ඔරලෝසුව දෙස බැලීය.වේලාව පස්වරු 2.35 ලෙස සටහන්ව තිබුනි.නැවතත් දුරකථනය අතට ගත් මධූ සිතූට ඇමතුමක් ලබා ගත්තා.

ඔබ ඇමතූ ග්‍රාහකයා කාර්ය බහුලයි.

මධූගේ දෙවන උත්සහායද අසාර්ථක වූයේ දෑසට කදුළු බිදුවක්ද එක් කරමිනි.

  [ මධූ සහ සිතුම්ගේ හමුව ප්‍රථම හමුවීමටම සීමා වෙයිද හමුවෙමු සිතූ සිව්වන කොටසින්  ]

Friday, March 3, 2017

සිතූ දෙවන දිගහැරුම

දෙවන කොටස

           කාඩ් පතත් අතැතිව සිතුම්ට කතා කරනවද නැද්ද යන සිතුවිල්ලේ සිටි මධූට නින්ද ළගාවූයේ පාන්දරය .සිතූගේ හමුවීමත් සමග සුන්දර සිහිනයක සිටි මධූ අවදි වූයේ දුරකථනය නාද වීම නිසා වෙනි.

                       මධූ උඹ කොහෙද ? හොදටම පරක්කු වෙලා නේද ?

       අනෙක් පසින් ගලා ආ කාවින්දගේ හඩින් අවදි වූ මධූ දුරකථනය  අතැතිවම බිත්තියේ එල්ලා තිබූ ඔරලෝසුව වෙත දෑස් යොමු කළා.උදෑසන  10.30 ලෙස එහි සටහන්ව තිබුනා.මම ඉක්මනින් එන්නම් කියූ මධූ දුරකථනය විසන්දි කර දැමුවාය.උදෑසන පුරාවිද්‍යා දේශනය ආරම්භ වීමට ඇත්තේ තව පැයක පමණ කාල සීමාවකි.
                                   
                        මුහුණ සෝදාගෙන පැමිණි මධූ ඉතාම කලාතුරකින් අදින කළු ඪෙනිම සහ ලා  නිල් පැහැති සිල්ක් බ්ලව්සය අතට ගත්තා.ඈ ඒ ඇදුම ඇන්දේ විශේෂ අවස්ථාවක් සදහා පමණයි .සිතූගේ හමු වීමත් සමග සිතෙහි ඇති වූ චමත්කාර ජනක හැගීම ඇගේ සිත වෙලාගෙන තිබුන . ඉක්මනින් සූදානම් වූ මධූ බෝඩිමෙන් එළියට පැමිණියෙ උදෑසන ආහාරයවත් නොගෙනයි.රාත්‍රියේද ආහාරයක් නොගෙන සිටි නිසාදො මධූට දැඩි කුසගින්නක් දැනුනා.ඒත් කාවින්ද උදෑසන ආහාරය ගැනීමට තමා එන තුරු සිටින බව දන්නා නිසාම මධූ ඉක්මනින් campus එකට ගියා.

                     මධූ එනතුරු ප්‍රධාන දොරටුව අසළ සිටි කාවින්ද දුර තියාම මධූ එන දෙස බලා සිටියා.මහතත් නොවූ කෙට්ටුමත් නොවූ මධ්‍යස්ථ සිරුරකට හිමිකම් කී මධූ බෙහෙවින්ම ලස්සන යුවතියක නොවුනද කෙනෙකුගේ සිත් ගන්නා චාම් අහිංසක යුවතියක් වුනා.

     උසස් පෙළ දෙවරක් හදාරා විශ්ව විද්‍යාල වරම් ලැබූ කාවින්ද කොළඹ ප්‍රධාන පෙලේ ව්‍යාපාර හිමි කරුවෙකුගේ එකම පුතා.කෙල්ලෝ බොහොමයක් ඇසුරු කර තිබුනත් මධූගේ රුව කාවින්දගේ සිත සසළ කරලා තිබුනා.

     Good morring madhu
     Good morring kawinda

මොකද මධූ අද ප්‍රමාද උණේ
.ගමන් මහන්සියට ටිකක් නින්ද ගියා කාවින්ද අයියේ.
හ්ම්.හරිම බඩගිනි .
මටත් බඩගිනි.
එහෙනම් මොනා හරි කාලම ඇතුලට යමු.
හ්ම්.තව විනාඩි විස්සක් විතර තියෙන්නෙ

අඹේපුස්ස යුධ හමුදා කදවුරේ සිට නැවතත් කොළඹ පැමිණීමට සූදානම් වූ සිතූ සිය ප්‍රධානියා සමග ජීප් රථයට ගොඩ උනේ උදෑසන8.30 ට විතර. පෙරදා දුටු මධූ ගැන සිතමින් රාත්‍රියේ නිදි වර්ජිතව මධූගෙන් ඇමතුමක් බලාපොරොත්තුවෙන් සිටි
සිතූට මහත් වෙහෙසක් දැනුන නිසා ජීප් රියේ පිටු පස ආසනයේ හාන්සි වී දෑස් පියා ගත්ත.ඔවුන් රැගත් ජීප් රිය කිරිබත්ගොඩ පසු කරමින් ඉතා හෙමින් කොළඹ දෙසට ධාවනය වුණා.සදුදා දිනයක් වූ නිසා කොළඹ නුවර මාරගයේ තරමක තදබදයක් පැවතුනේ.ජිප් රියේ සිටි අවදිවන විට රථය කැලණිය විශ්වවිද්‍යාලය ආසන්නයේ තිබුණෙ.කව්ළුවෙන් එපිට බැලූ සිතූ දුටු දසුනින් පුදුමයට පත් වුනා.

        ජීප් රියේ සිටම සිතූ ඒ රුව දෙස බලා සිටියා.මේ කිසිවක් නොදත් මධූ කාවින්ද සමග අසළ පිහිටි තේ කඩයකට පිවිසියා.ජීප් රියේ කව්ළුවෙන් හිස පිටත දමා මධූ දෙස බලා සිටින තරුණයා දුටු කාවින්ද මධූගේ අතකින් අල්ලා ගත්තේ ඔහුව පෙන්වීමටයි.

    මධූ අර ජීප් එකේ ඉන්න කොල්ලා උඹ දිහාම බලන් ඉන්නවා.
    මොන කොල්ලෙක්ද කාවින්ද අයියේ
    අර බලන්නකො අර

    තමා දෙස බලා සිටින සිතූ දුටු මධූට දෑස් අදහා ගැනීමට නොහැකි වුනා.සිනා සීමට තැත් දැරුවද මධූ පියවි ලොවට පැමණීමට විනාඩි දෙකක් පමණ ගත වුණා මධූ නැවත එදෙස බලන විට තද බදය අවසන්ව තිබූ නිසා සිතූ රැගත් රිය වේගයෙන් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබුණා.දිගු හුස්මක් ගත් මධූ හෙමින් එය පිට කර සිත සැහැල්ලු කර ගත්තා.

[ සිතුම්ගේ සහ මධූගේ ප්‍රේමය උපන් ගෙයිම මිය යයිද  හමුවෙමු සිතූ තෙවන කොටසින් ]

Disqus Shortname

Comments system