Friday, March 3, 2017

උතුරේ සටන් බිමට ගිය අපේ කාලයේ තරුණයෙකුගේ අනුවේදනීය කතාව.සිතූ ප්‍රථම දිගහැරුම

සිතූ
     ප්‍රථම දිග හැරුම

සිතූ ගැන සිතමින් සයනේ දිගාවී සිටි මධූට නින්ද ගියේ පාන්දරය.නුවර සිට කොළඹ දක්වා දාවනය වූ බස් රථයට මධූ ගොඩ වූයේ කැළණිය විශ්වවිද්‍යාලයට යාමටයි.බසයට නැග අසුනකට බර දුන් මධූ අහම්බෙන් දුටු පිරිමි රුවක් දැක තිගැස්සුනාය.පෙර කිසිම දාක නොදුටු මේ අරුම පුදුම මිනිසා මොහොතකට මධූගේ සිත සසළ කළා.

                         මහනුවර සිට කොළඹ යුධහමුදා මූලස්ථානය වෙත ගමන් කරමින් සිටි සිතූද මධූ දැකීමෙන් මොහොතකට සසළ වුණා.සසර පුරා එක්ව සිටි කෙනෙකු දුටුවා වැනි හැගීමකින් සිතූගේ සිත වෙලා ගත්තා

                           මධූ වාඩි වී සිටි අසුනට අසුන් කිහිපයකට පිටුපසින් වාඩි වී සිටි සිතූගේ නෙතු එක එල්ලේම මධූගේ රුව වෙත යොමු වෙලා තිබුනා.කෙසේ හෝ මධූ සමග කතා කිරීමට අවස්ථාවක් සොයමින් සිතු කල්පනා ලෝකයක තනි වුනා.බස් රථය පස්යාල පසු කරමින් පැමිණ නිට්ටඹුව නගරයේ නතර වෙනවාත් සමගම මධූ සිටි අසුනේ අනෙක් කෙලවරේ සිටි කාන්තාව බසයෙන් බැස ගියා.ඒ අවසරයෙන් සිතූ මධූ සිටි අසුනේ අනෙක් කෙලවරට විත් වාඩි උණා  . ඒත් සමගම සිතූගේ ජංගම දුරකථනය නාද වුණා.සිතේ නොරිස්සුමෙන්ම සිතූ ඇමතුම සම්බන්ද කර ගත්තා.

     ඔවු සර්, මම මේ එන ගමන් ඉන්නෙ.තව පැයක් යනකොට මම කෑම්ප් එකේ.

                යළිත් දුරකථනය සාක්කුවේ ඔබාගත් සිතූ මධූ දෙස බලා සිනා වුනා.එයට පිළිතුරු ලෙස මධූගෙන් ලද අහින්සක හිනාව මධූ සමග කතා කිරීමට සිතූගේ සිත දිරි ගැන්වුවා.නමුත් ඒ සමගම සිතූගේ දුරකථනය නැවතත් නාද වුනා.

          සිතුම් ඔයා කොහෙද ඉන්නෙ සර් මම මේ කඩවත පහු කරලා
           එහෙනම් ඔයා කිරිබත් ගොඩින් බහින්න.අපිට හදිසි අවශ්‍යතවකට අඹේපුස්සට යන්න වෙලා තියනවා...
Ok sir ok.
නැවත දුරකථනය සාක්කුවේ ඔබා ගත් සිතු පාර දෙපස කඩ දෙස බැලුවා.ඒ වන විටත් බස් රථය කිරිබත්ගොඩ නගරයට ළගා වෙලා තිබුනෙ.නැවත වරක් මධූ දෙස බලා සිනාසුනු සිතු ඔහුගේ දුරකථන අංකය සහිත කාඩ් පතක් මධූගේ ඔඩොක්කුවේ තබා ඉක්මනින් බසයෙන් බැස ගත්තා.

                    හුරුපුරුදු රුවකට හිමි මේ අපූර්ව මිනිසා පිළිඹදව සිතමින්ම මධූ කාඩ් පත රැගෙන අත් බෑගයේ දමා ගත්තා.මධූ විශ්වවිද්‍යාලය අසළින් බසින විට වේලාව පස්වරු7.00 පමණ වෙලා.ඉක්මණින්ම  බෝඩිමට ගිය මධූ ඇග සෝදාගෙන සැහැල්ලු ඇදුමක් ඇද ඇදට ආවේ රාත්‍රි ආහාරයවත් නොගෙන.බසයේ පැමිණ මධූගේ ශරීරයට වෙහෙසක් එක්කලත් සිතූගේ හමුවීම මධූගේ සිතට චමත්කාර හැගීමක් එක්කළා.අත බෑගයේ වූ සිතූගේ දුරකථන අංකය රැදි කාඩ්පතද අතට ගෙන ඇදෙහි වැතිරුන මධූ මොහොතකට ඇස් පියා ගත්තා.

No comments:

Post a Comment

Disqus Shortname

Comments system