සිතූ
තෙවන කොටස
මධූ මොකද බන් උඹට උනේ උඹ අදුරන කෙනෙක්ද ඒ
න් නෑ නෑ කාවින්ද අයියේ
හ්ම්. මධූ මොනවද කන්නෙ
අයිය කැමති දෙයක් ගන්න.මට කිරි පැකට් එකක් විතරක් ඇති.
ඉක්නනින්ම උදේ ආහාරය ගත් මධූ කාවින්දත් සමග විශ්වවිද්‍යාලය වෙත ගියද දේශනවලට සහභාගී වීමේ ආශාව හෝ මානසිකත්වයක් මධුට නොවීය.
කාවින්ද අයියේ,මගෙ හිස කකියනවා
මට අද දේශනවලට ඉන්නත් අමාරුයි වගේ
මධූ මොකද මේ එක පාරටම උණේ.
ඔයාට මොනා හරි ප්‍රශ්නයක්ද
නෑ කාවින්ද අයියේ....ඊයේ රෑ නින්දගියෙ නෑ.ඒ නිසා වෙන්න ඇති.
හ්ම් එහෙනෙම් මධූ ඔයා බෝඩිමට ගිහින් ටිකක් නිදා ගන්න.
මම නෝට් ටික දෙන්නම්.
අනේ ගොඩක් ස්තුතියි අයියේ..
ඒ අවසරයෙන් කාවින්දගෙන් මිදුනු මධූ සිතූ ගැන සිතමින්ම බෝඩිමට ආවා.හැද සිටි ඇදුම පිටින්ම ඇදට වැටුණු මධූ මොහොතක් දෑස් පියා ගත්තා.උදෑසන දුටු දසුන රූප රාමු ලෙස මධූ ඉදිරියේ දිග හැරෙන්න ගත්තා.
හදිසියේ යමක් මතක් වූ කලෙක මෙන් නැගී සිටු මධූ අත් බෑගය තුළ තිබූ සිතූගේ දුර කථන අංකය ගෙන දෙවරක් නොසිතාම ඇමතුමක් ලබා ගත්තා.
නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න
ආදරයේ සොයුරුම තැන් කතා කරන්න
බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න
තව පොඩ්ඩක් කල් තියනව එතකන් ඉන්න
සිතූගේ දුරකථනයේ දමා ඇති ගීතය රස විදිමින්ම මධූ නැවතත් දෑස් පියා ගත්තාය.නමුත් දුරකථනය නාද වුවද කිසිවෙකු එය සම්බන්ද කරගත්තේ නැත.
කොළඹ යුධහමුදා කදවුරට පැමිණි සිතුම් විවේකයෙන් සිටියේ එදිනට නියමිත රාජකාරියක් නොවූ නිසාය.කලකින් හමු වූ මිතුරන් සමග සතුටු සාමීචියේ යෙදී සිටි සිතූ නැවත සිය කාමරයට ගියේ දිවා ආහාරයද ගැනීමෙන් පසුවයි.ඇද මත දමා තිබූ දුරකථනය අතට ගත් සිතූ නොදන්නා අංකයකින් පැමිණ තිබූ මිස්කෝල් එක දුටුවද ඔහු ඒ පිළිඹදව එතරම් උනන්දුවක් නොදැක්විය .
හිස රදය නිසාම මධූට මොහොතක් නින්දගොස් තිබුණි.අවදි වූ මධූ අළසකමින්ම ඔරලෝසුව දෙස බැලීය.වේලාව පස්වරු 2.35 ලෙස සටහන්ව තිබුනි.නැවතත් දුරකථනය අතට ගත් මධූ සිතූට ඇමතුමක් ලබා ගත්තා.
ඔබ ඇමතූ ග්‍රාහකයා කාර්ය බහුලයි.
මධූගේ දෙවන උත්සහායද අසාර්ථක වූයේ දෑසට කදුළු බිදුවක්ද එක් කරමිනි.
[ මධූ සහ සිතුම්ගේ හමුව ප්‍රථම හමුවීමටම සීමා වෙයිද හමුවෙමු සිතූ සිව්වන කොටසින් ]
No comments:
Post a Comment