දෙවන කොටස
කාඩ් පතත් අතැතිව සිතුම්ට කතා කරනවද නැද්ද යන සිතුවිල්ලේ සිටි මධූට නින්ද ළගාවූයේ පාන්දරය .සිතූගේ හමුවීමත් සමග සුන්දර සිහිනයක සිටි මධූ අවදි වූයේ දුරකථනය නාද වීම නිසා වෙනි.
මධූ උඹ කොහෙද ? හොදටම පරක්කු වෙලා නේද ?
අනෙක් පසින් ගලා ආ කාවින්දගේ හඩින් අවදි වූ මධූ දුරකථනය අතැතිවම බිත්තියේ එල්ලා තිබූ ඔරලෝසුව වෙත දෑස් යොමු කළා.උදෑසන 10.30 ලෙස එහි සටහන්ව තිබුනා.මම ඉක්මනින් එන්නම් කියූ මධූ දුරකථනය විසන්දි කර දැමුවාය.උදෑසන පුරාවිද්‍යා දේශනය ආරම්භ වීමට ඇත්තේ තව පැයක පමණ කාල සීමාවකි.
මුහුණ සෝදාගෙන පැමිණි මධූ ඉතාම කලාතුරකින් අදින කළු ඪෙනිම සහ ලා නිල් පැහැති සිල්ක් බ්ලව්සය අතට ගත්තා.ඈ ඒ ඇදුම ඇන්දේ විශේෂ අවස්ථාවක් සදහා පමණයි .සිතූගේ හමු වීමත් සමග සිතෙහි ඇති වූ චමත්කාර ජනක හැගීම ඇගේ සිත වෙලාගෙන තිබුන . ඉක්මනින් සූදානම් වූ මධූ බෝඩිමෙන් එළියට පැමිණියෙ උදෑසන ආහාරයවත් නොගෙනයි.රාත්‍රියේද ආහාරයක් නොගෙන සිටි නිසාදො මධූට දැඩි කුසගින්නක් දැනුනා.ඒත් කාවින්ද උදෑසන ආහාරය ගැනීමට තමා එන තුරු සිටින බව දන්නා නිසාම මධූ ඉක්මනින් campus එකට ගියා.
මධූ එනතුරු ප්‍රධාන දොරටුව අසළ සිටි කාවින්ද දුර තියාම මධූ එන දෙස බලා සිටියා.මහතත් නොවූ කෙට්ටුමත් නොවූ මධ්‍යස්ථ සිරුරකට හිමිකම් කී මධූ බෙහෙවින්ම ලස්සන යුවතියක නොවුනද කෙනෙකුගේ සිත් ගන්නා චාම් අහිංසක යුවතියක් වුනා.
උසස් පෙළ දෙවරක් හදාරා විශ්ව විද්‍යාල වරම් ලැබූ කාවින්ද කොළඹ ප්‍රධාන පෙලේ ව්‍යාපාර හිමි කරුවෙකුගේ එකම පුතා.කෙල්ලෝ බොහොමයක් ඇසුරු කර තිබුනත් මධූගේ රුව කාවින්දගේ සිත සසළ කරලා තිබුනා.
Good morring madhu
Good morring kawinda
මොකද මධූ අද ප්‍රමාද උණේ
.ගමන් මහන්සියට ටිකක් නින්ද ගියා කාවින්ද අයියේ.
හ්ම්.හරිම බඩගිනි .
මටත් බඩගිනි.
එහෙනම් මොනා හරි කාලම ඇතුලට යමු.
හ්ම්.තව විනාඩි විස්සක් විතර තියෙන්නෙ
අඹේපුස්ස යුධ හමුදා කදවුරේ සිට නැවතත් කොළඹ පැමිණීමට සූදානම් වූ සිතූ සිය ප්‍රධානියා සමග ජීප් රථයට ගොඩ උනේ උදෑසන8.30 ට විතර. පෙරදා දුටු මධූ ගැන සිතමින් රාත්‍රියේ නිදි වර්ජිතව මධූගෙන් ඇමතුමක් බලාපොරොත්තුවෙන් සිටි
සිතූට මහත් වෙහෙසක් දැනුන නිසා ජීප් රියේ පිටු පස ආසනයේ හාන්සි වී දෑස් පියා ගත්ත.ඔවුන් රැගත් ජීප් රිය කිරිබත්ගොඩ පසු කරමින් ඉතා හෙමින් කොළඹ දෙසට ධාවනය වුණා.සදුදා දිනයක් වූ නිසා කොළඹ නුවර මාරගයේ තරමක තදබදයක් පැවතුනේ.ජිප් රියේ සිටි අවදිවන විට රථය කැලණිය විශ්වවිද්‍යාලය ආසන්නයේ තිබුණෙ.කව්ළුවෙන් එපිට බැලූ සිතූ දුටු දසුනින් පුදුමයට පත් වුනා.
ජීප් රියේ සිටම සිතූ ඒ රුව දෙස බලා සිටියා.මේ කිසිවක් නොදත් මධූ කාවින්ද සමග අසළ පිහිටි තේ කඩයකට පිවිසියා.ජීප් රියේ කව්ළුවෙන් හිස පිටත දමා මධූ දෙස බලා සිටින තරුණයා දුටු කාවින්ද මධූගේ අතකින් අල්ලා ගත්තේ ඔහුව පෙන්වීමටයි.
මධූ අර ජීප් එකේ ඉන්න කොල්ලා උඹ දිහාම බලන් ඉන්නවා.
මොන කොල්ලෙක්ද කාවින්ද අයියේ
අර බලන්නකො අර
තමා දෙස බලා සිටින සිතූ දුටු මධූට දෑස් අදහා ගැනීමට නොහැකි වුනා.සිනා සීමට තැත් දැරුවද මධූ පියවි ලොවට පැමණීමට විනාඩි දෙකක් පමණ ගත වුණා මධූ නැවත එදෙස බලන විට තද බදය අවසන්ව තිබූ නිසා සිතූ රැගත් රිය වේගයෙන් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබුණා.දිගු හුස්මක් ගත් මධූ හෙමින් එය පිට කර සිත සැහැල්ලු කර ගත්තා.
[ සිතුම්ගේ සහ මධූගේ ප්‍රේමය උපන් ගෙයිම මිය යයිද හමුවෙමු සිතූ තෙවන කොටසින් ]
No comments:
Post a Comment