සිතූ
හය වන දිගහැරුම
උදෑසනම අවදි වූ සිතුම් දුරකථනය ගෙන වෙලාව බැලුවා.උදෑසන 4.40 ලෙස එහි සටහන් වී තිබුනා .රාත්‍රියේ බොහෝ වේලාවක් දොඩමළුව වුන් මධූ අවදි කර වීමට සිතූට දුක හිතුනා.දුරකථනය පසෙකට දැමු සිතුම් අද සිට එලඹෙන වව්නුයාවේ දිවිය පිළිඹදව සිතමින්ම නාන කාමරයට ඇතුළු වුණා.පියා පමණක්ම ජීවිතය කරගෙන සිටි සිතුම්ට කිසිම දිනක ගැහැණු ළමයෙකු පිළිඹදව සිතක් පහළ නොවූයේ මව වෙනත් විවාහයක් කරගෙන පියාගෙන් වෙන් වූ දා සිට තමාව හදා වඩා ගැනීමට ඔහු විදි අනුපමේය දුක් කම්කොටොළු දුටුව නිසා.මව වෙනත් විවාහයක් කර ගන්නාවිට සිතුමගේ වයස අවුරුදු 5 ක් පමණ වුනා.මවකගේ උණුසුම අවශ්‍ම කාලයේ වෙනත් විවාහයක් කර ගත් මව පිළිඹදව සිතුම් සිටියේ වෛරයකිනද කලකිරීමකින්ද පැහැදිලි නැතත් සිතුම්ගේ ජීවිතයම වුනේ පියා වූ සූරිය බණ්ඩායි. මධූගේ අහඹු හමු වීමත් සමග සිතුම්ගේ හදවතේ ආදරයේ දොරගුළු විවර වුණා.උදෑසනම නා ගත් සිතුම් මහත් ප්‍රබෝධයකින් කාමරයට පැමිණියා .දුරකථනය අතට ගත්තා.වේලාව 5 . 40 ලෙස සටහන්ව තිබුණා.දුරකථනය ඇද මතට දැමූ සිතුම් වව්නියා යාමට සූදානම්ව සපත්තු දමා ගැනීමට සැරසෙත්ම ලැබුණු කෙටි පණිවිඩයක හඩින් සපත්තව පසෙක ලා දුරකථනය අතට ගත්තා.කෙටි පණිවිඩය ලැබී තිබුනේ මධූගෙනි.
Good morring මගෙ අයියේ..
Good morring බබා
දැන්ද නැගිට්ටේ අයියේ..
නෑ බබා මම නැගිටලා ගොඩක් වෙලා.දැන් වව්නියා යන්න ලෑස්ති වෙන ගමන්
අනේ.. ඇයි මාව නැගිට්‍ටුවෙ නැත්තෙ
මට දුක හිතුනා බබාව උදෙන්ම අවදි කරවන්න.
කෙටි පණිවිඩ දමමින් සිටි සිතූට කාලය ගත වෙනවා තේරුනේ නෑ.සිතුම්ට ඒ පිළිඹදව මතක් වූයේ ගයාන්ගේ හඩිනි.
සිතුමා..උඹ තාම ලෑස්ති නැද්ද පරක්කු වෙනවා යකෝ.ඉක්මනට වරෙන්.පස්සෙ මල් කඩපං.
මධූ මම ලෑස්ති වෙලා යන ගමන් ඔයාට කතා කරන්නම්. I Love you baba.
හ්ම්.පරිස්සමින් අයියේ...
ඉක්මනින්ම සූදානම් වූ සිතුම් ගයාන් සමග වෑන් රථයට ගොඩ විය.වව්නියා ගමනට හොදම යාළුවා වූ ගයාන්ගේ සහභාගී වීම සිතුම්ගේ සිතට මහත් අස්වැසිල්ලක් වුණා.උදෑසන 6.30 පමණ වන විට සිතුම් රැගත් වෑන් රථය කොළඹින් පිටත් වුනා. රථය කැලණිය විශ්වවිද්‍යාලය පසු කරත්ම සිතුම්ගේ සිතට මහත් කනස්සල්ලක් දැනුනා.මේ යන ගමනෙන් නැවත ආපසු එන්න ලැබේවිද ? නොලැබේවිද දන්නේ දෙවියෝ පමණයි .සාක්කුවට අත දමා දුරකථනය ගත් සිතුම් මධූට ඇමතුමක් ලබා ගත්තා.
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස දැනුනා....
කෙල්ල මේ හදිස්සියේ දුරකථනයට ගීතයක් එක් කලේ සිතුම් නිසාවෙනි.දුරකථනය නාදවනු දුටුවද මධූ ඇමතුම සම්බන්ද කර නොගත්තේ සිතුම්ට ගීතය ඇසීමට සැලැස්වීමටයි.නැවතත් සිතුම් මධූට ඇමතුමක් ලබා ගත්තා.
හෙලෝ බබා මොකද කරන්නෙ
මොනාත් නෑ අයියෙ.මගෙ අයියා දැන් කොහෙද ඉන්නෙ
දැන් බබාලගෙ කැම්පස් එක පහු කළේ.
හ්ම්.මගෙ අයියා පරිස්සමින් ගිහින් ඉක්මනට මාව බලන්න එනවා නේද ?
ඔව්.මම නිවාඩුවක් ලැබුණු ගමන්ම මගෙ මැණිකව බලන්න එනවා.එතකන් මගෙ කෙල්ල පරිස්සමින් ඉන්න ඕනි.
සිතුම්ගේ හැගීම්බර වදන් මධූගේ නෙතගට කදුලක් එක්කළා.
අයියේ...
මධූගේ කට හඩේ වෙනස වටහා ගන්න සිතුම්ට වැඩි වේලාවක් ගත වුනේ නෑ.
මගෙ මැනික ඔයා අඩනවා නෙද ?
එයට පිළිතුරක් දීමට නොහැකි විය.මධූගේ කට හඩ බිදී එය ඉකිබිදුමකට පෙරළුණි .
අනේ දැන් හොද ළමය වගේ අඩන් නැතුව ඉන්නකෝ.මම ඉක්මනට මගෙ මැනිකව බලන්න එනවා.
හ්ම්.පරිස්සමින් ගිහින් එන්න මගෙ අයියේ බුදුසරණයි .
බුදුසරණයි මගෙ නංගිටත්
දුරකථනය විසන්දි වූයේ සිතුම්ගේ නෙතගටද කදුලක් එක්කරමිනි.
සිතුමා දැන් හිත හදාගෙන යමු.නිවාඩුවක් ලැබුනු ගමන්ම කෙල්ලව බලන්න වරෙන්.
අනේ මන්දා ගයානයා මට කවදාවත්ම මේ වගේ හැගීමක් ඇවිත් නෑ.
සිතුම් රැගත් වෑන් රිය පස්වරු 03.00 පමණ වන විට වව්නියාව යුධ හමුදා මූලස්ථානයට ළගා වුණා .
[ උතුරේ සටන් බිමේදී සිතූට කුමක් සිදුවේවිද හමුවෙමු මී ළග කොටසින්
No comments:
Post a Comment